ධීවරයාගේ හෙට දවස
ධීවරයාගේ හෙට දවස
දිනෙන් දින ඉහල යන ශ‍්‍රම බලය සපිරි ජනගහනයත් සමග විරැකියාව උග‍්‍ර ගැටළුවකි. රටේ ජනගහනයෙන් ලක්ෂ 10 කට පමන වක‍්‍ර රැකියා ලබා දිය හැකි කර්මාන්තයක් කිවහොත් නිවැරදි, රැකියා උත්පාදකයා එහෙමත් නැතිනම් ධීවරයා.කාළගුණය පිළිබදව අනාවැකියක් පලකලහොත් එහි නිර්වද්‍ය තාවය පවතිනුයේ හරි අඩක් පමනි.තමාගෙම වෑයම හුදෙක් අස්වැන්න නෙලාගැනීම ලෙස සලකා දියඹ වෙත බිලිවදින මේ මිනිසා වරක ඉතා සිනාමුසු මුහුනින් තම යාත‍්‍රාව ඉතිරි යාමට තරම් අස්වැන්නක්ද තවත් වරක මුහුදට බිලිකල එක් සතයක් හො උපයා ගැනීමට බැරිවන අවස්ථා නැතුවා නොවෙ. එවැනි දිනක තම දෛනික වේලක් සදහා බත් පිඩක් සකසා ගැනිම සිදුවීම අවිනිස්චිතය.
පාසල් අධ්‍යාපනයක් අවශ්‍ය නැති උපාධියක් අවශ්‍ය නැති ධීවර හා ධීවර ආශිත රැකියාවන් ඕනැම කෙනෙකුට කල හැකියි. මාලු විකිනීම, දැල් බේරිම, සහයට යාම, කරවල දැමීම, මේ අතරින් කිහිපයකි. එසේ හෙයින් මෙම රැකියාව කරන හා ආශිත රැකියා අවස්ථා වැඩිනිසා මෙය රැකගැනිම ලොකු වගකීමකි.
යුධ ජයග‍්‍රහනයත් සමග අද රට වටකර රැකියාවෙ පිබිදීමක් ඇත. නමුත් රටේ පවතින කූඩා ප‍්‍රමානයේ බෝට්ටුවලින් 50% පමන ඇති වයඹ හා බස්නාහිර ධීවරයන් හට ප‍්‍රදේශයේ ගැබුරු මුහුද ඈතින් පිහිටා ඇති නිසා වැඩි ඉන්දන ප‍්‍රමානයක් වැයකිරිමට සිදුවෙ.පසුගිය රජයේ අගයකලයුතු හදුන්වාදීමක් ලෙස ග‍්‍රාමිය ධීවරයා නගාසිටුවීමෙ සංකල්පය අනුව ආරම්භ කල තෙල් සහනාධාර ක‍්‍රියාවලිය හේතුවෙන් ධීවරයාට මහත් සහනයක් වුවේය.නමුත් එය හිටහැටයේ ඇන හිටීමෙන් ඔවුනට තම පන්නය අහිමිවූවාක්මෙනි.තෙල්වල මිල වැඩිවීමත් සමග මාලූ මල වැඩි නොවම හේතුවෙන් වර්තමානයේ තම පන්නයන් අලූත් වැඩියා කිරීමට ගෙවල් දොරවල් සාදාගැනීමට දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබාදීමට ඉඩක් නොමැත. එදිනදා අවශ්‍යතා සපුරා ගනිමන් එදිනදා ජිවතයක් ගතකරනවා මිස ඊට ඉහලයාමට අවස්ථාවක් නැත.සාලයා සූඩයා හුරුල්ලා මෙම කුඩා මාලූ විටමින් බහුල වන අතර තෝරා මෝරා කෙලවල්ලාට වඩා මිලෙන් අඩු නිසා මධ්‍යම ප‍්‍රාන්තිකයාට පරිබෝජනය කලහැක.පවතින අලෙවිකරන හා බෙදාහැරිමෙ දුරුවලතා හේතුවෙන් මුහුදු සිමාවෙන් පිටතට යත්ම පාරිබෝගිකයාට ගුනාත්මයෙන් යුතු හා නැවුම් මාලූ ගලා නොයයි.
විදේශ මාලූ හා කරවල ආනයනය නොකර ධීවර සංස්ථාව මැදිහත් වෙමින් කුඩා ප‍්‍රමානයේ ධීවරයින් දිරිගන්වා ඔවුන්ගේ මාලූ මිලදී ගෙන ඒවා විවිද සේවා සමුපකාර හරහා පාරිබෝගිකයාට ලබාදීමෙන් පාරිබෝගිකයාටද ධීවරයාටද සහනයක් ලබාදිය හැකි ක‍්‍රමවේදයක් ලෙස හදුන්වාදියහැක.2007 වර්ශයේදි ධීවර සංස්ථාව හරහා මාලූ වලට සහතික මිලක් ලබා දුන්නා මෙන් නැවත සහතික මිල ස්ථාපනය කර නිසි කල් තබා ගැනීමේ හා සැකසුම් කි‍්‍රයාවලියක් මගින් ඉහල ලාබදායි වැඩපිලිවලක් ආරම්භ කිරීම අපහසු නොවෙයි.ධීවර සමිති වලන් මෙම මාලූ මිලදි ගෙන එ්වා පසුව ගෙවීමෙ ක‍්‍රමවේදයකට සංස්ථාවට ලබාදීමට ධීවර සමිති සූදානමින් සිටි.
සංක‍්‍රමනික ධීවරයන් යන සංකල්පය මුලින්ම හදුන්වාදුන් මීගමුව ප‍්‍රදේශයේ ධීවරයන් සැත්තැම්බර්-ඔක්තොම්බර් මාසවල මන්නාරම බත්තලංගුන්ඩුව මුතුහලාවත යන ප‍්‍රදේශ වලට සංක‍්‍රමනය වෙයි.තම පවුලේ සාමාජිකයින් ජීවිත කාලය පුරාවටම උපයාගත් වස්තුව නිවසෙහි තනිකර දමා බීමට පිරිසිදු ජලය නැති සනීපාරක්ෂක පහසුකම් නැති ප‍්‍රදේශයකට පර්යටනය වනුයේ කෙසේ හො මුදල් සොයා තම පවුල පෝෂනය කිරීමට ඇති වගකීම නිසාය.එලෙස තම ආම්පන්න අධික ප‍්‍රවාහන වියදමක් යුතුව රුකියාව සිදුකරන ස්ථානයට ගෙනගියද ඉන්දීය ටෝලර්යාත‍්‍රාවන් ලංකා මුහුදු සීමාවෙ ධීවර රුකියාවෙ යෙදෙන බැවින් සීමිත වන මත්ස්‍ය සම්පත දිනෙන් දින පහල බැස යයි. හොද සුපරික්ෂාවකින් තහනම් ආම්පන්න වලින් තොර දේශපාලන මැදිහත් විමකින් තොරව ධීවරයාට උපරිම පහසුව සලසා දීමෙන් මුහුදේ මාලූ අඩුවනවා කියා ඒදෙස බලා සුසුම් සැලීමට අවශ්‍ය නැත.
සාමාන්‍යයෙන් ධීවරයන්ගේ ඉතිරි කිරීම සිදුවන්නේ මැයි-ඔක්තොබර් මාස වලය. එයට හේතුව එම මාසයන්හි මාලු අස්වැන්න වැඩි හෙයිනි. බොහෝ විට අද දවසේ ඉතිරි කරන සොච්චම් මුදලින් අනිකුත් මාසවල ජීවත් වීමටත් තම ආම්පන්න අලූත් වැඩියා කිරිමටවත් ප‍්‍රමානවත් නොවෙ. එසේ හෙයින් ඔවුනට ණය ලබාගැනීමට සිදුවෙ. දිනෙන් දින ණය සදහා ඉල්ලුම වැඩි වුවද රටෙ පවතින ණයලබා ගැනීමෙ ක‍්‍රමවෙදයත් සමග ඔවුන් ඉන් ඉවතට වසිව ඇත. ධීවරයා ජීවත් වන සමාජයත් සමග තම ආශයට වැටනුයේ තම වෘතීමය සගයන් පමනී. එසේ හෙයින් ණය ලබාගැනීමෙදී රාජ්‍ය සේවකයින් ගෙන් ඇප ලබා ගැනීමට ඔවුනට හැකියාවක් නැත. එම නිසා ධීවරයන්ට ආවේනික වූ ණය ලබාදීමෙ ක‍්‍රමවෙදයක් අවශ්‍යය. තවද ධීවර ආම්පන්න සදහා බදු ලිහිල් වීම අවශ්‍ය වනවා. විටක මාලු හා කරවල මිලදී ගැනීමට පැමිනෙන වෙලදුන් හට කාලයත් සමග ධීවරයන් ණයට තම නිෂ්පාදනයන් ලබාදෙනවා ණය වැඩිවීමත් සමග ණය පැහැර හැරීමත් වෙනත් පලාතක මාලු මිලදී ගැනීමට යාම සිදුවෙ. මෙවැනි අසාදාරනයන් නීතියේ සහය පැතීමෙදී ඔවුන් දේශපාලන බලය බාවතාකර ඉන් ගැලව යයි. මෙවැනි සිදුවීම වලට ඉඩ නොතබමින් ශක්තිමත් නිතිරීති තුලින් ධීවරයා රැකගත යුතුය.
කරවල රැකියාව ධීවරයාට වැඩි ලාබයක් ලබනවා සේම සංචාරක කර්මාන්තයට වඩා වැඩ පිරිසකට රැකියාවක්ද ලබා දෙයි. එසේ හෙයින් වැල්ලෙන් වැඩි ප‍්‍රදේශයක් කරවල ව්‍යාපාරයට ලබාදීමට බද්දක් වුවද ගෙවිමට ධීවරයන් සුදානම.
මෙසේ නිදහස් වූ රැකියාවක් ලබන ධීවරයාට තම විවෙක කාලය වෙනත් වෘතියකට යෙදවීමට සුදුසු වාතාවරනයක් අවශ්‍යය. අද දවස වනවට කියාකාරි ධීවර ජනතාව බහුලලෙස තමාගෙ රැකියාවට සමුදී තීරෝද රථ ධාවනය, විදෙස් රට වල සේවයේ යෙදීසිටී. තම දරුවන් කිසිදිනක මුහුදට නොයවන බවද දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබාදෙන බවට ඇති ඕනෑකම නිසා ධීවර නිවසක ලිපගිණි ඇවිලෙනුයේ දවසකට එක් වතාවක් හෝ දෙවතාවකි. එසේ හෙයින් මෙම රැකියා උත්පාදකයාගෙ ප‍්‍රශ්න සැබෑවටම තේරුම් ගනමින් ප‍්‍රශ්නයට අදාල පිලිතුර ලබාදී මාරාන්තික උපවාසත් ජීවත හානිත් නැතිකිරීම වගකීමයි.
එස්. එස්.එම් පෙරමුණගම
පක්ෂාත් උපාධි අපේක්ෂක
රුහුණ විශ්ව විද්‍යාලය

Like Me
Subscribe to:
Posts (Atom)